රට පුරා නගර 100ක් වැඩිදියුණු කෙරේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අසංවිධිත සහ අපිළිවෙළ නගර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වි තිබේ.
ඒ් අනුව, රට පුරා විසිරි ඇති නගර 100ක මූලික පහසුකම් වැඩි දියුණු කර ක්‍රමවත් හා අලංකාර කිරීම එම වැඩසටහන මගින් සිදු කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

“සියක් නගර” යන නමින් මෙම වැඩසටහන හඳුන්වනු ලැබේ.

මේ යටතේ රට පුරා තිබෙන නගර මහජන හිතකාමී ප්‍රසන්න නගර බවට පත් කිරීමට නියමිතය.