නවතම පුවත්

නෞකාවෙන් වූ හානිය වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ – අගමැති

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය දා කොළඹට නුදුරු මුහුදේ දී අනතුරට පත් නෞකාවෙන් සිදු වූ හානිය වන්දි මුදලකින් තක්සේරු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී
, එතුළින් මෙරට වෙරළ තීරයටත්, සාගර ජීවීන්ටත්, සාගර පරිසරයේ ජෛව විවිධත්වයට සහ ධීවර ප්‍රජාවට ත් ගණනය කළ නොහැකි තරම් බලපෑමක් සිදුවූ බවද අගමැතිවරයා අවධාරණය කර සිටී .

ලෝක සාගර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත

පරිසර විද්‍යාඥයින්ට අනුව සංවර්ධනය සහ කාර්මීකරණය වැනි මානව ක්‍රිකාරකම්වල බලපෑම හේතුවෙන් සමුද්‍රීය පරිසර දූෂණය ද මේ වනවිට ඉහළ යමින් ඇති බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

ඉන්දියන් සාගරයට මැදිව පිහිටි ශ්‍රී ලංකාව සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව අවධාරණය කරන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ජීවී පැවත්මට සෘජුව දායක වන සාගර පරිසර පද්ධතිය විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂණය වීම කනගාටුවට කරුණක් බවයි.

සාගරයට අපද්‍රව්‍ය එක්වූ පසු ඒවා නිවැරදි කිරීමට ගත හැකි පියවර සීමාසහිත බැවින් එම බලපෑම මත්ස්‍යන් ඇතුළු සමුද්‍රීය ජීවීන්ටත් සමුද්‍රීය පරිසර පද්ධතියටත් සෘජුව බලපාන අතර දේශගුණික විපර්යාස බලපෑම් දක්වා ඒ්වා දිගුවන බව ද ලෝක සාගර දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

වෙරළ තීරයේ කඩොලාන ප්‍රතිස්ථාපනය මෙන්ම, කොරල් ප්‍රතිස්ථාපන වැඩසටහන් ඉදිරියට ගෙනයාමටත් පාරසරික ආරක්ෂණ ප්‍රදේශ පිළිබඳව පශ්චාත් අධීක්ෂණයන් කාර්යක්ෂම කිරීමටත් විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා උපදෙස් දී ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් වැඩිදුරටත් පවසා ඇත.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, ධීවර ප්‍රජාව ඇතුළු සමුද්‍රීය පරිසරය ජීවනෝපාය කරගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ද සෘජුව බලපාන සමුද්‍රිය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ද ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බවයි.

අදට (8) යෙදී ඇති ලෝක සාගර දිනයේ මෙවර තේමා ‘ජීවිතය හා ජීවනෝපාය සාගරයයි’ යන්නයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා