ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් මේ වනවිට පවතින වේගවත් COVID-19 ව්‍යාප්තියට හේතුවන මූලික සාධක අතර පසුගිය මැයි මස 08 වන දින එරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත
ඕස්ට්‍රේලියානු නිවුස් නයින් සේවයට අනුව, මෙම ශ්‍රී ලාංකිකයාට වැළදී ඇත්තේ කොවිඩ්19 හී ඩෙල්ටා ප්‍රභේදය බව තහවුරු වී ඇති අතර අතර එය වෛරසය අධික ලෙස ව්‍යාප්ත කළ හැකි ඉන්දියානු ප්‍රභේදයවේ.
එරට වැඩබලන අගමැති ජේම්ස් මර්ලිනෝ පවසා මීට ඉහතදී ඇත්තේ මෙල්බර්න් හි ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය හෝටලයක නිරෝධායනය සඳහා පැමිණි සංචාරකයෙකුගෙන් ව්‍යාප්ත වූවක් බවයි. මෙම සාධක සියල්ල මැයි මස 08 වන දින එරටට පැමිණ කොවිඩ් ආසදිත වූ බව තහවුරු වූ ශ්‍රී ලාංකිකයෙකුගේ දත්ත ගැළපෙන බව වෛද්‍ය කණ්ඩායම් අනාවරණය කරගෙන් ඇත.
උතුරු මෙල්බර්න් ප්‍රාථමික පාසැල සමග සබඳතා ඇති බවට වාර්තා වන බටහිර මෙල්බර්න්හි පදිංචි පවුල් දෙකෙන් දෙවැන්නාට සමාන ගැලපීමක් ඇති ජානමය අනුක්‍රමණයෙන් අනාවරණය වී ඇත. ශ්‍රී ලංකාවේ සිට පැමිණි පුද්ගලයා සහ මෙම පවුල් අතර කිසියම් සම්බන්ධයක් ඇත්ද යන්න සොයා බැලීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන බව මර්ලිනෝ පවසා ඇත.
මෙම ප්‍රභේදය තවදුරටත් ව්‍යාප්ත වී ඇත්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව පැවසූ වැඩබලන අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ සෞඛ්‍ය බලධාරීන් මේ පිලිබදව විමර්ශනය කරන බවයි.