ලොව පුරා ක්‍රියාත්මක ප්‍රමුඛපෙළේ වෙබ් අඩවි රැසක් අද හදිසියේ බිඳ වැටීමකට ලක්විය . මෙසේ බිඳවැටුණු වෙබ් අඩවි අතරින් බොහොමයක්ම ලොව ප්‍රධානතම හා සුප්‍රසිද්ධම මාධ්‍ය ආයතන කිහිපයකට අයත් වෙබ් අඩවි වීම විශේෂත්වයක් විය
ඒ අනුව , සී එන් එන් , බී බී සී , අල්ජසීරා , බ්ලූම්බර්ග් ගාඩියන් , ෆයිනන්ෂල් ටයිම්ස් යන මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි , අද දින දහවල් පැයක පමණ කාලයක් බිඳ වැටී තිබිණ .
මීට අමතරව . ප්‍රංශයේ මාධ්‍ය ආයතන කිහිපයකට අයත් වෙබ් අඩවි ද අදාළ කාලය තුලදී හදිසියේ බිඳ වැටී තිබෙ.
මීට අමතරව අමෙරිකාවේ ධවල මන්දිරයේ වෙබ් අඩවියට ද මෙම ගැටළුව පැන නැගී තිබූ නමුත් කෙටි කාලයක් තුල එය නියමිත පරිදි ක්‍රියාකාරී වී තිබෙ. කෙසේවෙතත් ලොව පුරා ප්‍රකට වෙබ් අඩවි අඩපණ කළ මෙම බිඳවැටීම සයිබර් ප්‍රහාරයක ප්‍රතිඵලයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැත