නවතම පුවත්

කොවිඩ් අතින් ශ්‍රී ලංකාව සාපේක්ෂව ඉන්දියාවත් අභිබවයි – GMOA

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ජනගහනයට සාපේක්‍ෂව  කොවිඩ් ආසාදිතයින්  හා ආසාදිතයින්ගේ මරණ අනුපාතයන් සලකා බලන විට ශ්‍රී ලංකාව මේ වනවිට  ඉන්දියාවද  ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී .

මෙම තත්වයකඩිනමින් පාලනය කරනොගතහොත් ප්‍රතිඵල අතිශය භයානක වනු ඇති බවද එම සංගමයේ උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවසීය ඊයේ (10) දින මාධ්‍ය වෙත පැවසීය .

ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනටකට 1.91ක් වන බව සංඛ්‍යාලේඛන වල දැක්වෙන බවත්  දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉන්දියාවේ අගයද  ඉක්මවා යන බවත්  වෛද්‍යවරයා මෙහිදී  කීවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49ක් , කොළඹ 2.43,ක්  ගම්පහ 2.46ක් සහ , කළුතර 3.34ක් වන බවද ඒ මහතා පැවසෙය
එසේම  කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වන බව නවීන් සොයිසා මහතා පැවසීය

ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බව කී වෛද්‍යවරයා එය ඉන්දියාවේ මෙන් දෙගුණයකට ආසන්න බවද  පෙන්වා දුන්නේය.

මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකවීමට ඉඩහැරීම බව කී නවීන් සොයිසා මහතා මේ වන විට සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මකද යන්න ගැටලුවක් බව සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා