නවතම පුවත්

ඉන්දියාවේ – එංගලන්තයේ කොවිඩ් ප්‍රභේද මෙරට ප්‍රදේශ රැසකින් හමුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතින B.1.617.2 හෙවත්  ඩෙල්ටා  කොවිඩ්  ප්‍රභේදය ආසාදනය වූ තවත්  ආසාදිතයෙකු මෙරට  නිරෝධායන මධ්‍යස්ථානයක් තුලින් වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර අනාවරණය කර සිටී .

. ඉන්දියානු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු මෙරටින් හමුවූ දෙවන අවස්ථාව මෙය වන අතර .මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ජානමය අනුක්‍රමණය සම්බන්ධයෙන් වන නවතම පර්යේෂණ වාර්තාව එලි දක්වමින් වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර මේ බව අනාවරණය කළේය .

මේ අතර කොළඹ ජාතික රෝහලේ සේවය කරනු ලබන සේවකයින් පිරිසකට  B.1.1.7 හෙවත් ඇල්ෆා (බ්‍රිතාන්‍යය) කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ද ලබා සිටි පුද්ගලයින් වීම විශේෂත්වයකි .  කෙසේ වෙතත්මේ  වන විට ඔවුන් සියලු දෙනාම සම්පූර්ණ  සුවය ලබා ඇති බවද  ජිවන්දර මහතා  සඳහන් කර සිටියේය .

එමෙන්ම වේගවත් ව්‍යාප්තියක් සහිත මෙම  B.1.1.7 (ඇල්ෆා)  කොවිඩ් ප්‍රභේදය කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොළ, මාතර දිස්ත්‍රික්කයේ, හබරාදුව ප්‍රදේශයෙන්, තිස්සමහාරාමය, කරාපිටිය සහ රාගම ප්‍රදේශයන් ගෙන් වාර්තා වී ඇති බව ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා