නවතම පුවත්

වසංගතයට බය නැති නීතියටත් නොනැමුණ තවත් කොරෝනා පාටියක් වටලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* 9 දෙනෙක් අත්අඩංගුවට

දම්පත් රණසිංහ

කොළඹ කොල්ලුපිටියේ පිහිටි ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ ඉහළම මහලේ පිහිටි පිහිණුම් තටාකය අසල පැවැති සුපිරි සාදයක් වටලා විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 9 දෙනකු කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පිරිමින් 06 දෙනෙක් හා කාන්තාවන් 03 දෙනෙක් සැකපිට පෙරේදා (9) රාත්‍රි මෙම සාදයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

එම පිරිිමින්ගෙන් දෙදෙනෙක් හා කාන්තාවන්ගෙන් එක් අයෙක් විදේශිකයන්ය. ඒ අය බ්‍රිතාන්‍ය වැසියන් බව හදුනාගෙන තිබේ.

මෙරට නේවාසිකව රැදී සිටිමින් ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටින ඔවුන් සිය හවුල්කරුවන් කිහිප දෙනෙක්ද සමග මෙම සාදය පවත්වා ඇතැයි පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. එම හවුල්කරුවන් අතර මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ද සිට ඇත.

මෙම නිවාස සංකීර්ණයේ නවාතැන් ගෙන සිටින පුද්ගලයෙක් විසින් මෙම සාදය ගැන පොලීසියට කල දැනුම් දීමකට අනුව වැටලීමකර තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා