නවතම පුවත්

යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ බස් මුහුුදු බත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ඊයේ  (11දා) නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කෙරිණි.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ කෘතීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා  භාවිතයෙන් ඉවත් කළ බස්රථ 20ක් මුහුදේ ගිල්වීම සිදු කරනු ලබයි.

ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත් ‘සයුරු’ කැනීම් නෞකාව මඟින් භාවිතයෙන් ඉවත් කළ බස්රථ 04ක් ඩෙල්ෆ්ට් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයට ගෙන ගොස් ආරක්‍ෂිතව දියයට ස්ථානගත කිරීම සඳහා උතුරු නාවික විධානය විසින් දායකත්වය ලබා දෙන ලදී.

තවද, මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීම අපේක්‍ෂා කරන අතර, මේ සඳහා ඉදිරියටත් නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරනු ලබයි.

 

 

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .