නවතම පුවත්

කොවිඩ් මරණ වාර්තා කිරීම , අද සිට අලුත් ක්‍රමයකට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා මරණ, පැය 24 – 48 ක් ඇතුළත තහවුරු කර වාර්තා කිරීමේ නව  ක්‍රමවේදයක් අද(14) සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී .

මෙම ක්‍රමවේදය හරහා ප්‍රමාදයකින් තොරව මරණ වාර්තා කිරීමට හැකිවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ.

පසුගිය දිනවල මරණ වාර්තා කිරීමේදී සති කිහිපයකට පෙර සිදු වූ මරණද සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වූ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත කළ නිවේදනවල සඳහන් වූයේ ඇතැම් දිනවල කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවයි. කෙසේ නමුත් එම දිනයේ සිදු වූ මරණ රැසක් ඉන් පසු දිනවලදී නිකුත් කළ නිවේදනවල සඳහන්ව තිබිණි.

මේ සම්බන්ධයෙන් බොහෝදෙනාගේ විවේචන එල්ල වූ අතර දෛනිකව මරණ 50 කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවෙද්දී ඇතැම් දිනවල කිසිදු මරණයක් සිදු නොවූ බව වාර්තා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කළේය.

නව ක්‍රමවේදය යටතේ අවසන් පැය 24 හෝ 48 තුළ සිදුවන මරණ පමණක් වාර්තා කරන අතර දින කිහිපයක් පැරණි මරණ පිලිබඳව වාර්තා නොකරනු ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා