දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව අඩුවීමට තවත් සති දෙකක් හෝ තුනක් යා හැකි බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනුමාන කර සිටී .කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා ආසාධිතයින් වාර්තා වීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවද ඇය මාධ්‍ය වෙත සඳහන් කළාය .සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී මෙසේද පැවසීය
“රජය සංචරණ සීමා පනවා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් බැලුවම ඒක ඉතාමත්ම හොඳයි. හැබැයි රටේ ජනතාවට අසීරුතා තියෙනවා. ඕනෑම දෙයක් කරනකොට ප්‍රශ්න ඇති වෙනවා.
මුලින්ම රෝගීන් වැඩි වුණා. දැන් වෙනකොට රෝගීන් අඩුවෙලා. මරණ අඩු වෙන්න තවත් සති දෙකක් තුනක් යාවි. මේ අලුත් ප්‍රභේදය නිසා රෝගය හැදිලා දින දහයක ඇතුළතත් මරණ සිද්ධ වෙනවා.”