නවතම පුවත්

ඉන්දියාවට වඩා මෙරට දෛනික කොවිඩ් රෝගීන් වැඩියි -නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

ජනගහන අනුපාතයට අනුව සැසදීමේදී ඉන්දියාවේ හමුවන දෛනික කොවිඩ් ආසාදියන්ගේ ප්‍රමාණයට වඩා මෙරට දෛනිකව වාර්තාවන කොවිඩ්- 19 රෝගීන් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව ගෝලීය දත්ත සළකා බැලීමේදි පෙනී යන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

සිංහල අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව මෙරට තුළ අනපේක්ෂිත ලෙස දෙතුන් ගුණයකින් කොවිඩ් රෝගීන් ඉහළ යාමක් සිදුවූ බවද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි. එය තවදුරටත් වැඩිවන්නට ඉඩනොදී පවත්වාගෙන යාමට උපරිම ක්‍රියා මාර්ග ගන්නා බවද ඔහු කියා සිටී.

පවතින දත්ත දෙස බැලීමේදී මෙරට කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ යම් අඩුවීමක් දකින්නට ලැබෙන බවද ඔහු පවසයි.

එහෙත් ඉදිරි දින කිහිපය තුළ සුළු වැඩිවීමක් වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු කියයි. අනතුරුව ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරනු ඇතැයි ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි