ඉදිරි මාස තුන ඇතුලත, බිත්තර සහ කුකුළු මස්වල දැඩි හිඟයක් රට තුල මතුවීමට ඉඩ ඇති බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය අනතුරු හඟවා සිටී .
කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වනු ඇති බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය .
බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති නිසා දේශීය බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95ක් දක්වා ඉහළ ගොස් ඇති බව පැවසූ ඒ මහතා ඒ අනුව බිත්තර සහ කුකුළු මස්වල නිෂ්පාදන වියදම ඉතාම ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය..
එසේම කුකුළු කෑම නිෂ්පාදනයට යොදාගන්නා තිරිඟු මෙරටට ආනයනය කිරීමට අවස්ථාව හිමිව ඇත්තේ ද මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නිසා සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දෙන බවද ඒ මහතා පැවසීය