ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung මහත්මිය නම් කර ඇත..
, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ඊයේ මෙම නම් කිරීම සිදුකර ඇති බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත .
විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන ඇය අමත්‍යාංශ උපදේශකවරියක් ලෙස සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරියක් ලෙසත් මේ වනවිට කටයුතු කරනු ලබයි.
Julie Jiyoon Chung මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර තිබෙන අතර මීට පෙර ඇය කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය සහ චීනය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල විවිධ තනතුරු දරා ඇති බවද වාර්තා වේ.