නවතම පුවත්

පළාත් සභා මැතිවරණය ගැන TNA – ඉන්දියා, විශේෂ සාකච්ජා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

උතුරු නැගෙනහිර පළාත් හි ජනතාව ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට සාමයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට අවකාශ සලසාලන සංවර්ධන ව්‍යාපෘති රැසක් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය සූදානම් බව මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අවධාරණය කර සිටී

ද්‍රවිඩ ජාතික සංධානයේ (TNA)  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ප්‍රධානීන්  පස් දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් සමග කොළඹදී ඊයේ පැවති  විශේෂ සාකච්ජාවකදී බග්ලේ මහතා මේ බව සඳහන් කර ඇත

විශේෂයෙන්ම මෙරට  යටිතල පහසුකම් සංවර්ධනය  කිරීම  සඳහා මෙන්ම .සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයන් හි පුනර්ජීවනයට සහ සංවර්ධනයට ඉන්දියාවේ සහය ලැබෙන බවද මෙහිදී මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත .

උතුරු නැගෙනහිර පළාත් හි ජනතාවගේ බලය බෙදීමේ සහ සංවර්ධන අභිලාෂයන්හි විවිධ පැතිකඩ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ,  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රමයේ සහ ව්‍යවස්ථාවේ ඉතා වැදගත් කොටසක් වන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳවද  TNA නියෝජිත පිරිස මහ කොමසාරිස්වරයාව දැනුවත් කර ඇත . සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ සංහිඳියාව රට තුල ස්ථාපිත කිරීමටද ඉන්දීය රජය කටයුතු කරන බව බාග්ලේ මහතා මෙහිදී සඳහන් කර ඇත .

දමිළ ජනතාවගේ අභිලාෂයන් හා සමපාත වන ලෙස , 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම වැදගත් වන බවත් , එහිදී  එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ සිට , බලය බෙදීමටද  ඉන්දියාවේ සහය ලැබෙන බවත්   මහ කොමසාරිස්තුමා අවධාරණය කළේය.

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක ගරු මාවයි සේනාධිරාජා මහතා සහ TNA පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන්, ගරු සෙල්වම් අඩෙයිකලනාදන් සහ ගරු එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු මෙම හමුව සඳහා සහභාගී වූහ. නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා සහ දේශපාලන අංශ ප්‍රධානී භානු ප්‍රකාශ් මහත්මිය ද මහ කොමසාරිස්තුමා සමඟින් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇත .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා