නවතම පුවත්

කොවිඩ් සීමා නිසා මැල‌ේසියාවේ සත්වෝද්‍යාන සංචාරයත් ඔන්ලයින් කෙරේ

අසංක

අසංක

කොවිඩ්  වසංගතය හේතුවෙන් සංචාරක සීමා පැනවීම නිසා ඒ මත යැපෙන ක්ෂේත්‍රවල මතුවූ දැඩි ආර්ථික කඩාවැටීම හමුවේ මැලේසියාවේ සත්වෝද්‍යාන ඔන්ලයින් සංචාරයට අවස්ථාව සලසා දී තිබේ.

එරට පිහිටි මෙලාකා කිඹුල් සහ විනෝදාත්මක උද්‍යානය (TBRM) ඔවුන්ගේ සතුන්ගේ සහ ඔවුන්ගේ උද්‍යානයේ පැවැත්ම සහතික කිරීම සඳහා නව ප්‍රවේශයක් භාවිතා කිරීමට සිදුවිම නිසා මෙම ඔන්ලයින් සංචාර සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි එරට වාර්තා පවසයි.

විවිධ විශේෂවල කිඹුලන් 100 ක්, සර්ප විශේෂ හයක් මෙන්ම ක්ෂීරපායින් සහ මුවන් සිටින උද්‍යානය දෙසට අධ්‍යාපනික චාරිකාවක් සඳහා මෙම වැඩසටහන මගින් අන්තර්ජාලය හරහා ප්‍රේක්ෂකයින් රැගෙන යනු ඇත.

සංචාරකයින් සහ අමුත්තන් මත පමණක් රඳා පවතින මෙවැනි සෙසු සත්වෝද්‍යාන ද මෙම පියවර පිළිබද අවධානය යොමුකරමින් සිටී.

කොවිඩ් -19 වසංගතය සහ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම ලොව පුරා විවිධ කර්මාන්තවලට, විශේෂයෙන් සංචාරක අංශයට බෙහෙවින් බලපා තිබේ.

මෙලාකා කිඹුල් සහ විනෝදාත්මක උද්‍යානයේ සාමාන්‍යාධිකාරී අහමඩ් සයාරිෆුදින් මොහොමඩ් මහතා පැවසුවේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම සඳහා මෙම පියවර ගත් බවයි.

මෙම සංචාරයට කිඹුලන්ට ආහාර දිය හැකි සැසියක් ද ඇතුළත් වේ.

“අපගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මෙම වසංගත සමයේ සතුන්ගේ දිවි ගලවා ගැනීමයි. මන්ද සංචාරක කර්මාන්තය තුළ ආදායම් නොමැතිකමින් වැඩිපුරම පීඩාවට පත්ව ඇත්තේ ඒවායි. අපට රජයෙන් සහ මහජනතාවගෙන් මූල්‍යමය සහයෝගය ලැබුණද, යථාර්ථය නම් උද්‍යානය පවත්වාගෙන යාම සඳහා වන පිරිවැය සහයෝගය ඉක්මවා ගොස් තිබීමයි. එය දිගටම කරගෙන යාමට අපට නව මුල පිරීම් සොයා ගැනීමට සිදු වෙනවා. අපගේ ඔන්ලයින් සංචාරය සදහා සහභාගී වීමෙන් මෙම සත්ව සුභසාධනයට සහයෝගය දැක්වීමට මහජනයාට එක්ව උදව් කළ හැකි යැයි අපි බලාපොරොත්තු වෙමු,” සාරිෆුඩින් පැවසීය.

වසර හතක් තිස්සේ උද්‍යානය සමඟ සිටි සයාරිෆුඩින් ද කියා සිටියේ පසුගිය වසරේ සිට ෆේස්බුක් ලයිව් හරහා ඔන්ලයින් සංචාර කිහිපයක් සිදු කිරීමෙන් පසුව මෙම ඔන්ලයින් සංචාරය සඳහා අදහස ඇති වූ බවයි.

“ඉතින්, පළමු ෆේස්බුක් සජීවී චාරිකා කිහිපය වූයේ සතුන් පිළිබඳ කරුණු සහ අපගේ සත්ව භාරකරුවන්ගේ තිරය පිටුපස ඇති අධ්‍යාපනික චාරිකා පිලිබද දැනුවත්් කිරීමයි.

“නරඹන්නාගේ ප්‍රතිචාරය විශ්මය ජනකයි, අපි ෆේස්බුක් සජීවී සැසියෙන් වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට මිනිසුන්ගෙන් ඉල්ලීම් ලබා ගැනීමට පටන් ගත්තෙමු.” ඔහු කීය.

වඩාත් සිත්ගන්නා අයුරින් මෙම ඔන්ලයින් සංචාර වීඩියෝ පට සකස් කරමින් ඒ සදහා නරඹන්න්ගෙන් ලැබෙන ආදායම් මේ සදහා යොදාගැනීමට නියමිතය.

 

 

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි