නවතම පුවත්

දෙමටගොඩ දෙහිවල පුපුරාගියේ ඉලක්ක සෙවු තවත් මිනිස් බෝම්බ දෙකක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම / දම්පත් රණසිංහ

දෙමටගොඩ සහ දෙහිවල පුපුරාගිය බෝම්බ සමග මරුමුවට පත්වු අන්තවාදි මරාගෙන මැරෙන සාමාජිකයන් දෙදෙනා තවත් ප්‍රහාර දෙකකට සුදානමින් සිටින්නට ඇතැයි පොලිස් මුලික විමර්ශනවලදී සැක පහළ වී තිබේ.

මරාගෙන මැරෙන සාමාජිකයකුයැයි සැකකරන පුද්ගලයකුව සතුව තිබු හැදුනුම්පතකට අදාල විමර්ශනයක් සදහා ක්ෂණිකව ක්‍රියාත්මක වු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් දෙමටගොඩ මහවිල උද්‍යානය මාවතේ පිහිටි මහල් නිවසක් පරික්ෂා කිරීමට යාමේදී මරාගෙන මැරෙන සාමාජිකයා සිය බෝම්බය පුපුරාගෙන ඇත.

කාන්තාවන් සහ දරුවන් දෙදෙනෙකු සමග සිටි අදාල නිවසේ ගෘහ මුලිකයා බව කියන පුද්ගලයා පරික්ෂණ කණ්ඩායම් අතරට පැමිණෙමින් මෙම පුපුරාගැනීම කරගෙන ඇතැයි පොලිසිය සැක කරයි. අදාල පිපිරීමෙන් නිවැසියන්ට අමතරව පොලිස් නිලධාරින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වුහ.

දෙහිවල සත්වෝද්‍යානය අසල නවැතැන්පොළක පුපුරාගිය අනෙක් බෝම්බයද මරාගෙන මැරෙන සාමාජිකයකු අදාල ප්‍රදේශයේ දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට ක්‍රියාත්මකවීමට ගොස් එය මගහැරී නැවත සිය නවාතැන්පොළට පැමිණ  බෝම්බය පුපුරාගෙන ඇතැයි පොලිසිය සැක කරයි.

අදාල පිපිරීමෙන් නවාතැන්පොලේ ඒ වනවිට නැවතී සිටි තරුණ යුවලක්ද ජීවිතක්ෂයට පත්වුහ. මුලික විමර්ශනවලදී පෙනී යන මෙම තොරතුරු ඔස්සේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා