ඇෆ්ගන් දේශසීමා තලෙයිබාන් ගරිල්ලන් අතේ – වැසියෝ රටින් පළා යති !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තලෙයිබාන්  ආක්‍රමණයන්  හමුවේ මේවනවිට ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

ඒ අනුව ඔවුන් දේශ සීමා හරහා මධ්‍යම ආසියානු රටවලට ඇතුළුවෙමින් ඇති බවයි වාර්තා වේ..

ඇෆ්ගනිස්තානයේ සිටි සරණාගතයින් 350 දෙනෙකු පමණ ඊයේ වනවිට එලෙස ටජිකිස්තානයට පළා ගොස් තිබෙන තර  එලෙස පළා යාමේදී කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වේ,

ඇෆ්ගනිස්තානය තුළ දශක දෙකක පමණ කාලයක් රැඳී සිටි අමෙරිකානු හමුදාවන් මේවනවිට එරටින් ඉවත් වෙමින් සිටින අතර . ඒ හමුවේ ඇෆ්ගනිස්තානයේ ප්‍රාන්තවලින් 3 න් 1 ක් පමණ මේවනවිට පවතින්නේ තලෙයිබාන් සංවිධානය යටතේය.

එසේම මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන වීඩියෝ කීපයකින්  පෙනී යන්නේ පාකිස්ථාන-ඇෆ්ගන් දේශසීමාවේ ද තලෙයිබාන් කොඩියක් ලෙළදෙන ආකාරයයි.පාකිස්ථාන-ඇෆ්ගන් දේශසීමා මුරපොළ බිඳ වැටුණු බව ඇෆ්ගන් රජය නිල වශයෙන් පිළිගෙන නැති නමුත්, කන්දහාර් -ස්පින් බෝල්ඩැක් දේශසීමාවේ සුදු කොඩියක් ලෙළදෙන ආකාරය වීඩියෝවල පැහැදිලිවම දිස් වේ.

මේ අතර, ඇෆ්ගන් මූලාශ්‍ර කිහිපයක් බීබීසී පුවත් සේවය වෙත පවසා තිබෙන්නේ තලෙයිබාන් සටන්කාමීන් විසින් විශාල බාධාවකින් තොරව දේශසීමාව අත්පත් කර ගත් බවයි.

ගතවූ සති කිහිපය තුළ ඇමරිකානු හමුදාවෙන් 90%කටත් වඩා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් පසුව තලෙයිබාන් සංවිධානය විශාල වශයෙන් ශක්තිමත් විය. ඇෆ්ගන් හමුදාව යටතේ පැවති මුරපොළ ගණනාවක් ඔවුන්ගේ ග්‍රහණයට නතු කර ගැනිණි. ඉරානය, ටජිකිස්ථානය සහ තුර්කිමෙනිස්ථානය අතර දේශසීමාවන් ඒ අතර වේ.