ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුණගැසීමට අද හෙට දිනකදී අවස්ථාවක් ලබාදෙනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තමන් දිගින් දිගටම තරග සඳහා නම් නොකිරීම පිළිබඳව කරුණු විමසමින් දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබූණි.
එම ලිපිය මගින් අවසානයේ ඉල්ලා තිබුණේ තම ඉදිරි ක්‍රිකට් දිවිය පිළිබද තීරණයක් ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හමුවීමට වෙලාවක් ලබාදෙන ලෙසයි.