ප්‍රබෝධා හෙට්ටිආරච්චි
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන මස 03වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට බලාපොරොත්තු රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.
මෙම පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ලබන මස දෙවැනි දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට ද නියමිතය.
රට තුළ ඇතිවී තිබෙන මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන වැරදි මතය නිවැරදි කළ යුතු බව ආණ්ඩුවේ අදහසයි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඉකුත්දා පැවැති රැස්වීමකදී මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කර තිබුණි.