නවතම පුවත්

විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* විපක්ෂය පරදිනවා – බන්දුල
* ආණ්ඩුව දිනාවි – මරික්කාර්
* විරුද්ධව ඡන්දෙ දෙන විපක්ෂේ අය

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

තෙල් මිල වැඩිකිරීමට එරෙහිව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ  විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේ දෙවන දිනය හා ඡන්ද විමසීම අද (20) පැවැත්වීමට නියමිතය.

මෙම විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංශෝධනයක් ගෙන ආ අතර, බලශක්ති අමාත්‍යවරයා ඇතුළු මුළුමහත් අමාත්‍ය මණ්ඩලයටම එරෙහිව මෙම විශ්වාසභංගය ඉදිරිපත් කරන බවට වන කරුණ ඊට ඇතුළත් කරන ලෙස ඔහු  යෝජනා කර තිබුණි.

මෙම විශ්වාසභංගය අද දිනයේදී ආණ්ඩු පක්ෂය ජයග්‍රහණයු කරනු ඇති බවට එය මැතිසබයට යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රී එස්එම් මරික්කාර් මහතා ද පැවැසීය.

මරික්කාර් මහතා ඊයේ විශ්වාසභංගය නිසි ලෙස ඉදිරිපත් නොකොට කතාව පැවැත්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් ත්ත්වයක් හටගත් අතර ඊට මැදිහත්වී නිවැරැදිව යළි විශ්වාසභංගය කියවීමට ඉඩලබාදෙන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වීම විශේෂත්වයක් විය.

‍අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ මේ පිළිබද විවාදයට එක්වෙමින් කියාසිටියේ ආණ්ඩු පක්ෂ සාමූහිකව මෙම විශ්වාසභංගය පරාජය කරන බවයි.

මේ අතර  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් එක් අයකු හෝ දෙදෙනෙකු යෝජනාවට විරුද්ධව, එනම් ආණ්ඩුවට පක්ෂ වන ලෙස ඡන්දය ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවැසීය .

ඡන්ද 155 ට වැඩි බහුතරයකින් විශ්වාසභංග යෝජනාව ජයගන්නා බවත් සමගි ජන බලවේගය මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළේ ආණ්ඩුව ඇතුළේ පිපිරීමක් බලාපොරොත්තුවෙන් බවත් ඔහු පැවසුවේය.

ඇමැතිවරයා පැවසුවේ විපක්ෂය විශ්වාස භංගය ගෙනාවේ මිනිසුන්ගේ බදු බර ,බඩු මිල ගැන සිතා නොවන බවය.

දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට ඊයේ පවසා තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා