නවතම පුවත්

දරුවන්ට උගන්වන්න බෑ කියන ගුරු වර්ජනය දිගටම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

ගුරුවරුන් විසින් ආරම්භකර ඇති ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ගුරු සංගම් අතර ඊයේ (20) පෙරවරුවේ පැවති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

ගුරුවරු මුලින්ම ඔන්ලයින් ඉගැන්වීම වර්ජනය කරන්නේ කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීමකදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිරෝධායනයට යොමුකිරීමට එරෙහිවය.

ඔහු නිදහස්කරන ලෙස බලකරමින් ඉකුත් 12 වෙනිදා සිට කළ මෙම විරෝධය ඔහුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිදහස් වීමෙන් අනතුරුව නිමාවේ යැයි අපේක්ෂා කළද අදටත් එම වර්ජනය අවසන් වී නැති අතර වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් දැන් ඔවුන්ගේ වර්ජනයට මුල්වී තිබේ.

ඔන්ලයින් ඉගැන්වීම් සමස්ත පාසල් පද්ධතියේම ගුරුවරු වර්ජනය නොකලත් අද වන විට එම පාසල්වල ගුරුවරුන්ද ඔන්ලයින් ඉගැන්වීම් අතහැර දමා තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා