නවතම පුවත්

ප්‍රධානතම ආයතන රැසක් , වසර හයකින් ආදායම් බදු ගෙවා නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට ප්‍රධානතම  ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වසර හයකින් බදු ගෙවා නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අනාවරණය කර සිටී .

රජයේ ආයතනවල මෙම බදු  අවභාවිතා හේතුවෙන් රජයට මෙන්ම රටට වාර්ෂිකව ඉතා විශාල මුදලක් අහිමිව යන බවද ඔහු මාධ්‍ය වෙත  සඳහන් කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව ඉතා සවිස්තරාත්මක එකක් බවත් මෙලෙස රජයට අහිමිවන බදු මුදල් අයකර ගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් එම වාර්තාවෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවත් මහාචාර්යවරයා මෙහිදී  කීවේය.

ගෙවිය යුතු බදු මුදල් සම්බන්ධව තෙවරක් අභියාචනා කිරීමට අවස්ථාව සැලසී තිබීම අවස්ථාවක් කරගෙන බදු ගෙවීම මෙසේ පැහැර හරින බව පෙනී ගොස් ඇතැයිද ඒ මහතා පැවසීය

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිපත්ති සංශෝධනය සඳහා ප්‍රධානතම  ඉතා සවිස්තරාත්මකව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා