නවතම පුවත්

රේගුවයි- RMVයෙයි වැඩ නිසා වාහන බදුවලින් බිලියන ගණන් රජයට අහිමි වෙලා

අසංක

අසංක

ශ්‍රි ලංකා රේගුව විසින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක්‍රමිකතා සිදුවන බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයට අදාළ පළමුවැනි වාර්තාවෙන් අනාවරණය වෙයි.

එම වාර්තාවේ නිරීක්ෂණවලට අනුව රේගුව විසින් විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇති බවත් එමගින් රටට බිලියන ගණනින් අහිමි වන බදු ආදායම් පිළිබඳවත් හෙළිවී ඇත.

එමෙන්ම ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකා රේගුව විසින් සිංගල් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු ප්‍රමාණයන් අය කිරීමෙන් පසුගිය කාලය තුළ රුපියල් බිලියන 03ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව කෝපා කමිටුව නිරීක්ෂණය කොට තිබේ.

ඩබල් කැබ් මාදිලි‍යේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාර්ට් කැබ් මාදිලියේ එක වාහනයකින් රුපියල් මිලියනය බැගින් වාහන 3000 ක් සඳහා මෙම පාඩුව සිදුවී ඇත.

මෙයට අමතරව 2010-2019 කාල පරිච්ඡේදය තුළ වෑන් රථ 44ක් අඩු බදු ප්‍රමාණයක් ගෙවිය යුතු විශේෂිත කාර්ය වෑන් රථ ලෙස ආනයනය කර, මගී හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණෙන් එම වාහන පසුව ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීම නිසා අවම වශයෙන් රුපියල් මිලියන 1300කට ආසන්න බදු ප්‍රමාණයක් රජයට අහිමි වී තිබේ.

මහජන ඇමතුම් උපකරණ සවිකර විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෲසර් මාදිලියේ වාහනය රේගුව විසින් නිසි පරිදි මගී ප්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට අහිමිව ඇති බදු මුදල රුපියල් මිලියන 56ක් බව වාර්තාවේ තවදුරටත් නිරීක්ෂණය කොට තිබේ.

මෙලෙස සිදුවන අක්‍රමිකතා වලක්වා ගැනීම සඳහා කාරක සභාව විසින් විශේෂ කාර්යය වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ භාන්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ (Harmonized System Code – HS Code) නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ (PZA) ලියාපදිංචි කළ යුතු බව නිරීක්ෂණය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා