නවතම පුවත්

එන්නත් ගැන බොරු යවන අය සොයා විමර්ශනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

විධිමත් ලෙස කොවිඩ් එන්නත්කරණය රටපුරා සිදුවෙමින් පවතින අවස්ථාවකදී මොඩර්නා එන්නත පිළිබද වැරදි මත සමාජ ජාල ඔස්සේ පතුරුවමින් සිටින පුද්ගලයන් සෙවීමේ විමර්ශනයක් පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

ඒ මොඩර්නා එන්නත්කරණය ගැන ජනතාවගේ විශ්වාසය බිද වැට්ටවීමක් සිදුවන බවට මහනුවර රෝහලේ නීති වෛද්‍ය නිලධාරියා විසින් මහනුවර පොලීසියට පැමිණිල්ලකට අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මොඩර්නා එන්නත මේ දිනවල ලබාදෙන්නේ මහනුවර ජනතාවට ය. එබැවින් එම පැමිණිල්ල සිදුකර තිබෙන බව අජිත් රෝහණ මහතා පැවැසීය.

එම පැමිණිල්ලට අනුව මහනුවර පොලීසියත් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයත් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඒ සදහා ලබාගන්නා බවත් අජිත් රෝහණ මහතා කීය.

මොඩර්නා අහිතකර බවත් නැනෝ තාක්ෂණය එක්කර තිබෙන බවටත් වැරදි තොරතුරු එම සමාජ මාධ්‍ය ජාල මගින් පතුරවන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා