නවතම පුවත්

රට පුරා ප්‍රදේශ ගණනාවකට අද හෙට මහවැසි සහ සුළං

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අද (23) සහ හෙට දිනයන්හිදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100කට අධික වර්ෂාවක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සබරගමුව පළාතේ සමහර ස්ථානවල සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 100 ට වඩා අධික වැසි අපේක්ෂා කළ හැකිය.

බස්නාහිර පළාතේ සමහර ස්ථානවල මිලිමීටර 75 ට වඩා තරමක් තද වැසි අපේක්ෂා කළ හැකිය.

එමෙන්ම අද (23) වන දින ප.ව. 02.30 දක්වා කාල සීමාව තුල දී ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල්‌ දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්‌ විට පැ.කි.මී. (60-70) දක්වා ඉහළ යා හැකි බවට ද කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්‌ විට පැ.කි.මී. (50-60) පමණ දක්වා වැඩි විය හැක.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල්‌ දක්වා හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විට ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවට ද කාලගුණ විද්‍යාඥයෝ දැනුම් දෙති.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා