පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිළිස්සී මියගිය 16 හැවිරිදි බාල වයස්කාර දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශන කටයුතුවලට සහාය වීම සඳහා නීතිපතිවරයා විසින් රජයේ නීතිඥ කණ්ඩායමක් පත් කර ඇතැයි වාර්තා වේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුුතු එම රජයේ නීතිඥ කණ්ඩායමේ පත්කර ඇත.
මෙම සිද්ධියට අදාළව සිදු කරන පොලිස් විමර්ශන කඩිනම් කර ගැනීමේ අරමුණින් නීතිපති සංජය රාජරත්නම් මහතා මෙම පියවර ගෙන ඇත.
සිද්ධියට අදාළව පොලීසිය විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශන උදෘත අදාළ නීතිඥයන් කණ්ඩායම විසින් පරික්ෂා කිරීමට නියමිත ය.
ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව පොලීසියට උපදෙස් දීමට කටයුතු කරනු ඇත.