ජාත්‍යන්තර පොලිසියෙන් විශේෂඥයින් කණ්ඩායමකුත් එවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ පිපිරීම් පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහය දැක්වීමට ,වෝහාරික ඩිජිටල් පරීක්ෂණ, ජීව දත්ත, ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණ සම්භන්ධ විශේෂඥයින් කණ්ඩායමක්ද මෙරටට එවීමට ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්ල්පෝල් )කටයුතු යොදා ඇත.

සිද්ධිය සම්භන්ධව පරීක්ෂණ පවත්වන ජාත්‍යන්තර පොලිසියේ නිලධාරීන්ට අමතරව මෙම විශේෂඥයින් කණ්ඩායමද ඉදිරියේ ලංකාවට එවීමට කටයුතු කරන බව ඉන්ටර්පෝල් ආයතනයේ මහ ලේකම් ජර්ගන් ස්ටොක් ශ්‍රී ලංකා රජය වෙත සඳහන් කර ඇත.

ඉන්ටර්පෝල් පරීක්ෂණ කණ්ඩායම ,මෙරට පිපිරීම් වලට අදාළ ස්ථානීය පරීක්ෂණ, පුපුරන ද්‍රව්‍ය පරීක්ෂාව, ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම, සහ වින්දිතයින් හඳුනාගැනීමආදිය සඳහා සහය ලබාදෙනු ඇති බවද ස්ටොක් මහතා සඳහන් කර ඇත.