අන්තගාමීන්ගේ ප්‍රහාරයට බෞද්ධයන් ගෑවීමට විදෙස් මාධ්‍ය නඩයක් ලංකාවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

අන්තගාමී ප්‍රහාරයට බෞද්ධයන්ගේ සම්බන්ධතා ඉස්මතු කිරීමත් අන්තගාමීන්ගේ ක්‍රියාකලාපය සාධාරණය කිරීමත් සදහා විදෙස් ජනමාධ්‍ය කණ්ඩායම් කිහිපයක් ලංකාවට පැමිණ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පිරිස පසුගිය කාලයේ ශ්‍රි ලංකාවේ පැවැති බොදුබල සේනා සහ සිංහලේ ක්‍රියාකාරිත්වයන් හේතුවෙන් මුස්ලිම් අන්තවාදයක් ඇතිව තිබෙන බවට හැගෙවෙන ප්‍රවෘත්ති නිර්මාණය කිරීමේ අරමුණෙන් රටපුරා විසරගොස් වාර්තා චිත්‍රපට සකස් කිරීමට යන බවට නිල නොලත් ආරංචි මර්ගවලින් දැනගන්නට ලැබී තිබේ.

සංචාරක වීසා මත පැමිණ ජනමාධ්‍ය ආමාත්‍යංශයේ විශේෂ අවසරයකින් තොරව ශ්‍රි ලංකාවේ වාර්තා කටයුතුවල නිරතවීමට කිසිදු විදේශිකයකුට නීතියෙන් අවසරයක් නැත.

මාධ්‍ය නිදහසට මුවාවී ජාතිවාදය ඇවිලවීමේ උඩගෙඩි සැපැයීමට ක්‍රියාත්මක මෙම විදෙස් මාධ්‍යකරුවන් කවුදැයි හදුනාගැනීම රජයේ බලධාරින්ගේ යුතුකමකි.

මෙයට පෙරත් ලංකාවට පැමිණි කණ්ඩායමක් මෙලෙස නැවත ලංකාවට පැමිණ සාමය මුවාවෙන් සංඝයාවහන්සේලාගේ , පුජකවරුන්ගේ සහ පියතුමන්ලාගේ හඩ පට ලබා ගනිමින් මෙම වාර්තා චිත්‍රපට සැකසීමට සැරසෙමින් සිටින බව වාර්තා වේ.