නවතම පුවත්

ශ්‍රී ලංකාවේ දරුණුතම කොවිඩ් ව්‍යාප්තිය ඉදිරි මාස කිහිපය තුලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයේ දරුණුතම ව්‍යාප්තිය ඉදිරි මාස කිහිපය තුළ සිදුවිය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා අනතුරු අඟවා සිටී .

කොවිඩ් 19 වසංගතයේ බලපෑම සහ ව්‍යාප්තිය අවම කරගැනීම පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් මලික් පීරිස් මහතා මේ බව සඳහන් අර ඇත

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා මෙසේද සඳහන් කර ඇත .

“ගෝලීය වශයෙන් සහ දකුණු ආසියානු කලාපයේත් මූලික වශයෙන් කොවිඩ් – 19 ව්‍යාප්තියේ පහත වැටීමක් පැවතුණත් දකුණු ආසියානු කලාපය ඇතුළුව ගෝලීය වශයෙන් රෝගීන්ගේ වැඩිවීමක් යළිත් දකින්නට ලැබෙනවා. මීට මූලික වශයෙන් හේතුවී ඇත්තේ නව ඩෙල්ටා ප්‍රභේදයයි. මෙම ප්‍රභේදය නිසා ඉන්දියාවේ විශාල විනාශයක් සිදුවූ අතර ඉදිරි සති කිහිපය තුළ එය ශ්‍රී ලංකාවට ද විශාල බලපෑමක් සිදුකරනු ඇතැයි මම අවධාරණය කරන්න ඕනෙ. ඉදිරි මාස කිහිපය තුළ දරුණුතම කොවිඩ් වසංගතයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවන බවට අනතුරු හැඟවීමක් නොකළොත් මහජන සෞඛ්‍ය වෘත්තිකයෙකු වශයෙන් මම මගේ යුතුකම පැහැර හැරීමක් වෙයි.

ඉතා හොඳින් එන්නත්කරණය ඉදිරියට ගෙනයෑම ගැන රජයට සහ මහාචාර්ය ජයසුමන මහතාට මම සුබපැතුම් එක් කරනවා. කෙසේවෙතත් ඔබ දන්නා පරිදි සැලකියයුතු බලපෑමක් ඇතිකිරීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබාගැනීම අවශ්‍ය වෙනවා. නමුත් ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට එම මාත්‍රා දෙක ලබාගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව ජනතාවට හොඳින් උපදෙස් ලබාදී ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”

මහාචාර්ය මලික් පීරිස් මහතා සායනික සහ මහජන වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අතර ඉන්ෆ්ලුවන්සා, කොරෝනා වැනි වෛරස පිළිබඳ විශේෂයෙන් අධ්‍යනය කරන විද්වතෙකු ද වෙයි. 2003 වසරේදී සාර්ස් වසංගතය පිළිබඳ පර්යේෂණ කටයුතු වලදී ද මහාචාර්ය මලික් පීරිස් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇත.

 

 

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !