එන්නත්කරණයේ ප්‍රගතිය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ පලමු වෙනි ස්ථානයට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

COVID එන්නත් ලබා දීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව  ලෝකයේ පලමු වෙනි ස්ථානයට පත්ව ඇත

ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සහාය ඇතිව ක්‍රියාත්මක වන  “අපේ ලෝකය තුළ දත්ත” ( Our World in Data) යන විද්‍යාත්මක මාර්ගගත ප්‍රකාශනයේ මේ බව සඳහන්  වන අතර  ,කොවිඩ් -19 එන්නත් ලබා දීමේ ප්‍රගතිය අතින් ශ්‍රී ලංකාව පලවෙනි ස්ථානයට පත්ව ඇති බව එම ප්‍රකාශනයේ වැඩිදුරටත් විස්තර කර ඇත

එම ප්‍රකාශනයට  අනුව පුද්ගලයින් 100 දෙනෙකුට ලබා දෙන දෛනික කොවිඩ් -19 එන්නත් මාත්‍රාව” තුළ හොඳම ප්‍රගතියක් පෙන්නුම් කර ඇති රට ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාව විසින් මේ වන විට කොවිඩ් -19 එන්නත් මාත්‍රාව 9,178,909 කට ලබා දී ඇති අතර 2,063,809 ක ජනතාවකට පූර්ණ එන්නත ලබා දී ඇත. ඒ අනුව මිලියන 10 ක් ඉක්මවා එන්නත් ලබා දී අවසන්ය.

ඒ අනුව ඉලක්කගත එන්නත්කරණ වැඩසටහනට අනුව පලවෙනි එන්නත 70% කටද දෙවෙනි එන්නත 15% කට ද ලබා දී අවසන්ය. ( ඉලක්කය ජනගහනයෙන් 60% කි)

මේ වන විට දිනකට ලක්ෂ 05 ක් ඉක්මවා වාර්තාගත එන්නත්කරණයක් සිදුකරමින් ඇත.