කුළුබඩු වෙනුවෙන්ම සුපිරි වෙළෙඳසලක්

Picture of අසංක

අසංක

මෙරට පළමු වතාවට සහන මිලට කුළුබඩු ජනතාවට ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ‘කුළුබඩු මන්දිරය’ නමින් සුපිරි වෙළෙඳසලක් ලබන 05 වැනි දා බත්තරමුල්ල ප්‍රදේශයේ දී ආරම්භ කෙරේ.

බත්තරමුල්ල, කඩුවෙල පාර, අංක 74 හි එය පිහිටා ඇති කුළුබඩු මන්දිරය පෙරවරු 9 සිට විවෘත කෙරෙනු ඇත.

ඉදිරියේදී මෙවැනි කුළුබඩු සහන මිලට ලබාදෙන සුපිරි වෙළෙඳසැල් දීප ව්‍යාප්ත මට්ටමින් සිදුකිරීමට රජය අපේක්ෂා කරයි.

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, වෛද්‍ය රමේෂ් පතිරණ, අරුන්දික ප්‍රනාන්දු සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන කනනක හේරත්, ජානක වක්කුඹුර යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් එදින මෙය විවෘත කෙරෙනු ඇත.

‘දේශයට අභිමානයක්, ආර්ථිකයට ශක්තියක්, නිරෝගී දිවියක්’ යන අරමුණ පෙරදැරි කරගෙන මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක ය.