ඊයේ කොවිඩ් මරණ 74ක් – අද ආසාදිතයන් 2400ක්

Picture of අසංක

අසංක

තවත් කොරෝනා මරණ 74 ක් ඊයේ (02) දිනය තුළ වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 17 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 56 දෙනෙකු අයත් වේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,645 ක් දක්වා ඉහළ යයි.

අද (03) දිනයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,423ක් හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.