කොවිඩ් නිසා හැදෙන අතුරු ආබාධ 200ක් හඳුනාගැනේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට පසුකාලීනව බලපාන අතුරු රෝගාබාධ  200 ක් පමණ හඳුනාගෙන තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී .

මෙම ඇතැම් රෝගාබාධ  දීර්ඝකාලීනව බලපාන බවද  එම සංවිධානය පවසයි .

විශේෂයෙන් හුස්ම හිරවීම, මතකය අඩුවීම, අවධානය අඩුවීම, අධික තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මේ අතර  බහුල ලෙස ඇතිවිය හැකි බවද වාර්තාවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැනුවත්කිරීමේ  වැඩසටහනකට සහභාගිවෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන සායනික කළමනාකරු වෛද්‍ය ජැනට් ඩයස් මහත්මිය, පශ්චාත් කොවිඩ් තත්ත්වය හෙවත් සුවය ලැබූ රෝගීන් මුහුණ දෙන රෝග ලක්ෂණ පිළිබඳව මෙලෙස පැහැදිලි කර තිබෙ.

මීට අමතරව කතා කිරීමේ අපහසුව, සාංකාව, මානසික අවපීඩනය, පේශී වේදනාව, උණ, ගඳ-සුවඳ නොදැනීම, රස නොදැනීම වැනි රෝග ලක්ෂණ රැසක් මේ වනවිට හඳුනාගෙන තිබේ. කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ බොහෝ පුද්ගලයන්ට මෙම රෝග ලක්ෂණ පහළවීමට ඉඩ තිබෙන මේ අතර මාස තුනේ සිට මාස නවයක කාලයක් දක්වා මෙම රෝග ලක්ෂණ පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙ. කෙසේ නමුත් මාස 09 ක කාලයෙන් පසුව එම රෝග සුව වනවාද යන්න මේ දක්වා නිශ්චිතව තහවුරු කරගෙන නොමැත.

මෙවැනි කොවිඩ් පශ්චාත් රෝග ලක්ෂණ වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා පුනරුත්ථාපන වෘත්තිකයන්ගේ සහ මනෝ දේශකයන් ඇතුළු සමාජයේ විවිධ ස්ථරවල තවත් විශේෂඥයන් රැසකගේ සහාය අවශ්‍ය බවද ඇය පෙන්වා දී ඇත