කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව දැන්ම දෙන්න එපා – ලෝක සෞඛ්‍ය සංවිධානය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එලඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් හෝ කොරෝනා මර්දන එන්නතේ   03 වන මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන ලෙස  ලෝක සෞඛ්‍ය සංවිධානය ලොවපුරා  රටවලින් ඉල්ලීමක් කර ඇත .

. එහි ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් මහතා  පවසන්නේ ඒ හරහා සෑම රටකටම සිය ජනගහනයෙන් සියයට 10 ක හෝ ප්‍රතිශතයකට කොරෝනා මර්දන එන්නත ලබාදිය හැකි වනු ඇති බවය.

අඩු ආදායම් ලාභී රටවලට එන්නත් බෙදී යාමේ දුර්වලතාවක් පවතින බැවින් මේවනවිට අතිරික්තව පවතින කොරෝනා එන්නත් මාත්‍රා එවැනි අඩු ආදායම් සහිත රටවලට බෙදී යා යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර ඇත .

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ සිය වැසියන් ආරක්ෂා කර ගැනීමට සියලු රටවල් සැලකිල්ල යොමු කර ඇති බව තමන්ට අවබෝධකර ගත හැකි නමුත්   දැනටමත් එන්නත් මාත්‍රා බොහෝ ප්‍රමාණයක් භාවිත කර ඇති රටවල් තවදුරටත් එලෙස වැඩි මාත්‍රා ප්‍රමාණයක් භාවිත කිරීම පිළිගත නොහැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කර ඇත

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග සිය වැසියන්ට කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාවක් ලබාදීමට මේවනවිටත් රටවල් කිහිපයක් අවධානය යොමු කර තිබෙනවා. ඒ අතරට අමෙරිකාව, ජර්මනිය හා චීනය ද අයත්. සිය රටවැසියන්ට 03 වන මාත්‍රාව ලබාදීම ඉකුත් ඉරිදා ආරම්භ කරන බව ඊශ්‍රායලය මීට පෙර ප්‍රකාශ කර තිබිණ .