ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් මේ වනවිට හඳුනා ගෙන ඇතැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය අනතුරු අඟවා සිටී .
එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පැවසුවේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවදානයකින් යුතුව කටයුතු කළ යුතු බවය.