කොවිඩ් මර්දනයට මෙතෙක් කෝටි දෙලක්ෂ පනස්දාහක් වැයවෙලා

Picture of අසංක

අසංක

කොවිඩ් රෝගය මර්දනය කිරීම සඳහා රජය මේ දක්වා රුපියල් කෝටි දෙලක්ෂ පන් දහසක් වැය කර ඇති බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසිය.

රජය එන්නත්කරණය සඳහා මෙපමණ මුදලක් වැය කරන්නේ මෙරට ජනතාවගේ ජීවිත වැදගත් නිසා යැයි මුදල් රාජ්‍ය ඇමතිවරයා කීය.

කෙසේවුවද කොරෝනා පාලනය සඳහා රජය දිගටම කටයුතු කරන බවද සඳහන් කළේය.

රටේ පවතින කොවිඩ් ව්‍යසනය හමුවේ සියලු දෙනා කොවිඩ් එන්නත ලබා ගත යුතු බවත් රජය වැඩි මුදලක් එන්නත්කරණය සඳහා වැය කරන අතර ඒ සඳහා ඉදිරිපත් වීම අත්‍යාවශ්‍ය බවත් හෙතම කියාසිටී.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.