“ලංකාවේ ප්‍රහාරවලට හේතුව ක්‍රයිස්ට්චර්ච් බව බුද්ධි අංශ වාර්තා නෑ” – නවසීලන්ත රජය

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලිවලට එල්ල කළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කිසිදු තොරතුරක් නවසීලන්ත බුද්ධි අංශ වෙත ලැබී නොමැති බව නවසීලන්ත අග්‍රමාත්‍ය ජැසින්ඩා ආඩෙර්න් මහත්මිය සඳහන් කර සිටී.

ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාර ගැන සිදුවන පරීක්ෂණ මේ වන විට පවතින්නේ මූලික අවස්ථාවේ බවත් නවසීලන්ත ප්‍රහාරයට පළිගැනිමක් ලෙස ශ්‍රී ලංකවට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට තවමත් බුද්ධි අංශ කිසිම තොරතුරක් තහවුරු කරගෙන නොමැති බවත් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන නවසීලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර සිටී