නවතම පුවත්

පළමු පෙළ ආශ්‍රිතයෙකු නම් දින පහකට පෙර පරීක්ෂණයකට යොමුවෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ආසාදිතයෙකු ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 3 – 5ත් අතර කාලය තුළ කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවට  දැනුම් දී සිටී .

මීට පෙර කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතු කාලසීමාව ලෙස දක්වා තිබුණේ දින 5 -7ත් අතර කාලයක් ලෙස දක්වා තිබුනද  මේ වනවිට එය වෙනස්වී ඇති බවද  සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර ඇත .

රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම් PCR පරීක්ෂණයක් ද රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් ද සිදුකිරීම වැදගත් බව ආචාර්ය චන්දිම ජිවන්දරඑහි සඳහන් කර සිටි

කෙසේ වුවත් මෙය තමාගේ පෞද්ගලික මතය බවත් මෙරට කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ මාලාවේ මෙය  අඩංගු කරුණක්  නොවන බවත්  අචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර ඇත .

මේ අතර කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට යම් පුද්ගලයෙකු හඳුනා ගැනුණු සැණින් පරීක්ෂණයක් සිදුකර ගැනීම නොසුදුසු බවද  ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටි.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !