නවතම පුවත්

ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 12ට වැඩි දරුවන්ටත් කොවිඩ් එන්නත දීමේ සූදානමක්

අසංක

අසංක

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

විදෙස් සංචාරක නිරතව සිට අද පෙරවරුවේ මෙරටට පැමිණි අමාත්‍යවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍යය බලධාරීන්ට උපදෙස් දෙමින් මෙසේ කීය.

ඇතැම් රටවල් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවුරුදු 12 න් ඉහළ සියලු දෙනා එන්නත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

එම තත්ත්වය සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සීග්‍ර වෛරස ව්‍යාප්තිය කෙරෙහි සැලකිලිමත් වෙමින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් ලක්ෂ 5ක් හා වයස අවුරුදු 18ටත් 30ත් අතර පුද්ගලයින් ලක්ෂ 3ක් පමණ ප්‍රමාණයක් තවමත් එන්නත ලබා ගෙන නොමැත. එසේම එන්නත්කරනය කළ යුතු අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන් ප්‍රමාණය ලක්ෂ තුනක් පමණ වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දත්ත අනාවරණය කරයි.

සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ආසාදිතයින් වාර්තාවන දිස්ත්‍රික්කයේ රෝහල් වල අවශ්‍යතාවය අනුව කොවිඩ් වාට්ටු ප්‍රමාණය වැඩි කරන ලෙස පළාත් සෞඛ්‍යය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නේය.

ගම්පහ රෝහල් තුළ රෝහල් තුළ කොවිඩ්‍ මෘතදේහ ගොඩ ගැසෙන බවට පසුගිය දින කිහිපයක් තිස්සේ වාර්තා පළවිය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගොඩගැසෙන කොවිඩ් මළසිරුරු ආදාහනය සඳහා දැනට අක්‍රිය මට්ටමේ පවතින ආදාහනාගාර කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

ඒ අනුව දැනට පළාත් පාලන ආයතන සතු සියලු ආදාහනාගාර මෙම කොවිඩ් මළසිරුරු ආදාහන කටයුතුවලට ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි