අවදානම් තත්වයක නැති කොරෝනා රෝගීන්ට අද සිට නිවෙස් තුලදීම ප්‍රතිකාර !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංකූලතා නොමැති අවදානම් කාණ්ඩයට අයත් නොවන කොරෝනා ආසාදිතයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර කිරිම අද සිට ආරම්භ කෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී

ඒ අනුව අවුරුදු 2 ත් 65 ත් අතර සංකූලතා නොමැති රෝග ලක්‍ෂ පෙන්වන හෝ සුළු රෝග ලක්‍ෂණ පෙන්වන කොරෝනා ආසාදිතයින්ට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස් තුළදී ප්‍රතිකාර කෙරෙනු ඇත

ඒ සදහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්‍ෂණික දුරකතන අංකයක්ද හදුන්වා දී තිබෙ.

1390 අංකය ඇමතීමෙන් ඒ සදහා අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර ඒ හරහා රෝගීන් කළමණාකරණය කෙරෙනු ඇත.

දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාම සහ රෝහල් ධාරිතාව ඉක්මයාම පාලනය කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම තීරණය ගෙන තිබෙ.