(පැතුම් වික්‍රමරත්න)
ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීමේ කටයුතු සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට චින රජය සූදානම් බව මෙරට චීන තානාපති සෙන් හොන්ග් මහතා ප්‍රකාශ කර සිටී .
ඒ අනුව ඉදිරියේදීද ශ්‍රී ලංකාවට අවශ්‍ය එන්නත් , සෞඛ්‍ය උපකරණ හා මූල්‍යාධාර ලබාදීමට චීනය පියවර ගන්නා බව සෞඛ්‍ය ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ අද (09) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදි චීන තානාපතිවරයා සඳහන් කළේය .
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සියයට අසුවක් පමණ ආවරණය වන පරිදි එන්නත් තොග ලබාදීම ශ්‍රී ලංකා රජයට මහත් අස්වැසිල්ලක් වු බව එහිදි සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වාදී තිබේ.
දෙරට අතර දීර්ඝ කාලයක් පුරා පවතින සබඳතා තව තවත් ශක්තිමත් කරමින් චීන රජය ශ්‍රී ලංකාවට දැක්වු සහයෝගය පිළිබද කෘතඥතාව පළකරන බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත.