නවතම පුවත්

මිහිපිට සිටි සැබෑ මකරෙකුගේ පොසිල හමුවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මීට වසර මිලියන 105කට පමණ පෙර ඕස්ට්‍රේලියාවට ඉහළින් භයානක මකරකු පියඹා ගොස් ඇති බවට නවතම පර්යේෂණ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. අඩි 30 කට ආසන්න (මීටර 7) පියාපත් සහිත ටෙරෝසෝරයාගේ පොසිලය ඕස්ට්‍රේලියාවේ සිටි බව කියන විශාලතම පියාඹන උරගයාට අයත් විය. Vertebrate Paleontology සඟරාවේ මෙම නවතම පර්යේෂණ සොයාගැනීම් පිළිබඳ පළකර ඇත.

ටෙරෝසෝරයා විශාල අභ්‍යන්තර මුහුදක් හරහා ඉහළින් ගොස් ඇති බවත් එය ක්වීන්ස්ලන්තයේ ඊරොමාංගා අභ්‍යන්තර මුහුද බවටත් සොයාගෙන ඇත. එම ප්‍රදේශය මෙම මකරාගේ හෙල්ලක් වැනි හොටයෙන් මාළු අල්ලාගැනීමට ඉතාම සුදුසු ප්‍රදේශයක් බව කියවේ. මෙම පර්යේෂණයේදී ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා පාසලේ ඩයිනෝසෝරයන් පිළිබඳ විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධිධාරී ටිම් රිචඩ්ස් විසින් මෙම ටෙරෝසෝරයාගේ හකු පොසිල විශ්ලේෂණය කර දක්වා තිබේ.

එය මුලින්ම සොයා ගනු ලැබුවේ 2011 ජුනි මාසයේදී වයඹ දිග ක්වීන්ස්ලන්තයේ රිච්මන්ඩ් ප්‍රදේශයට වයඹ දෙසින් වූ ගල් කොරියක සිට ලෙන් ෂෝ නම් පොසිලකරුවකු විසිනි. ඔවුන් විවිධ විශේෂිත ප්‍රදේශවල භූමිය කනිමින් රන්, මැණික් හෝ වටිනා කියනදෑ නැතිනම් පොසිල සොයා යන්නන් ය. රිචර්ඩ්ස් පවසා ඇත්තේ මෙම ටෙරෝසෝරයා කුඩා ඩයිනෝසෝරයන් ආහාරයට ගන්නා භයානක මකරකු වන්නට ඇති බවයි.

‘සැබෑ ලෙසම මිහිපිට මකරුන් ජීවත්ව ඇති බවට අපට ඇති සමීපතම සාක්ෂිය එයයි’ යනුවෙන් රිචඩ් පවසයි. මෙම අධ්‍යනයේ ප්‍රධාන කතුවරයා පවසා ඇත්තේ ‘එය ඇත්තෙන්ම දිගු පියාපත් යුගලයක් මත පිහිටි දිගු බෙල්ලක් සහිත හිස් කබලකි.’ ‍‍ නව විශේෂයේ නම ‘තාපුංගාකා ෂාවි’. පොසිල හමු වූ රිච්මන්ඩ් ප්‍රදේශයේ පළමුව ජීවත්වූ වනමාරා ජාතීන්ගේ නැතිවූ භාෂාවන් ඒ නමට ඇතුළත්ව ඇත.

තාපුන්ගාකා යන්න කුල නාමයක්. තාපුන් (ටා-බූන්) අර්ථය ‘හෙල්ල’ සහ ගාකා (න්ගා-ගා) අර්ථය ‘කට’ යනුවෙන් වනමාරා ජාතින්ගේ භාෂාවෙන් මේ නම අර්ථ ගන්වා ඇතැයි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා පාසලේ සම කර්තෘ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්ටීව් සාලිස්බරි පවසයි. ෂාවි නම් කොටස, පොසිලය සොයා ගත් ලෙන් ෂෝ ට ගෞරව පිණිස යොදන ලදී. එබැවින් බැවින් නමේ සම්පූර්ණ තේරුම ‘ෂෝගේ හෙල්ලක් වැනි මුඛය’ යන්නයි.

මුළු හිස් කබල අඩි 3.2 (මීටර 1) ට වඩා වැඩි විය හැකි අතර දත් 40 ක් ඇත. අලුතින් සොයා ගත් විශේෂය අන්හංගුවේරියන් නම් වූ ටෙරෝසෝර සමූහයක කොටසකි. මෙම ටෙරෝසෝරයන් සෑම මහාද්වීපයකම පියාසර කර ඇති වර්ගයකි. මෙම පොසිල රිච්මන්ඩ් හි ක්‍රොනෝසෝරස් කෝනර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා