කිරිපිිටි ආනයන බද්ද ඉවතට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කිරිපිටි ආනයනයේදී රජය පනවා තිබූ බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

කිරිපිටි ආනයනය පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බැවින්‍ මිල ඉහළ දමන ලෙස ආනයන සමාගම් ඉල්ලා සිටි නමුත් ඒ සඳහා අවසර හිමි නොවීය. ඒ අනුව සමාගම් තීරණය කළේ කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් අත්හිටුවීමටය

මෙම තත්වය මත දේශීය වෙළඳපොල තුළ දැවැන්ත කිරිපිටි හිගයක් ඇති වී තිබෙන අතර   මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර ඇත.

එහිදී තීරණය කර තිබෙන්නේ මිල ඉහළ දැමීමට හරහා ජනතාව තවදුරටත් දුෂ්කරතාවයට පත්කළ නොහැකි බවය. ඒ අනුව අවසන් විසඳුම ලෙස ආනයනය කිරිපිටි මත පනවා තිබූ බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.