දම්පත් රණසිංහ
පෞද්ගලික ගෑස් සමාගම් විසින් සිය සැපයුම් ජාලය අකර්මණ්‍ය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරයි.
ගෑස් මිල ඉහළ නැංවීම සඳහා සමාගම් වෙත අවසර ලබානොදීමේ ප්‍රතිඵලයක් ලෙස ගෑස් සමාගම් විසින් ගෑස් ආනයනය සීමාකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණයක් වී ඇති බව ද රාජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.
මේ වනවිට ලීට්‍රෝ ගෑස් මිලදී ගැනීමට නොහැකි වී ඇත්තේ අලෙවි නියෝජිතයන් වෙත ගෑස් සැපයුම් සීමා වී ඇති බැවිනි.
රටපුරා ජනතාව මෙන්ම විශේෂයෙන් අර්ධ නාගරික හා නාගරික ජනතාවගේ ඉවුම් පිහුම් සඳහා ප්‍රධානම සාධකය වන ගෑස් හිඟය නිසා දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.
ඉතාම සීමිතව පවතින ගෑස් අලෙවි නියෝජිතයන්ට මුදල් දී ටැංකි ගොඩගසා ගෑස් ඇනවුම් කරනු ඊයේ දිනයේ බහුලව දක්නට ලැබිණ.