නවතම පුවත්

හැටට වැඩි අයට අද දින සිට විශේෂ එන්නතකරණ මධ්‍යස්ථාන තුනක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය අද (11) සිට යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත .

ඒ අනුව අද සිට දින තුනක් එම පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සැලසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

මෙතෙක් එන්නත් ලබා නොගත් අවුරුදු 60ට වැඩි බස්නාහිර පළාතේ පුද්ගලයින්ට අද සිට පළමු එන්නත් මාත්‍රාව ලබා ගත හැකිය.

මෙතෙක් එන්නත ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කොවිඩ් -19 නිවාරණ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් මේ වන විට රැස් කරගෙන ඇති බව සඳහන්ය.

එන්නත ලබාගත යුතු දිනය වේලාව සහ ස්ථානය සඳහන් කෙටි පණිවුඩයක් ඔවුන්ගේ ජංගම දුරකථන වෙත එවනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී

එසේ එන්නත නොගත් කිසිවෙකු තම තොරතුරු මධ්‍යස්ථානය වෙත සපයා නොමැති නම් හෝ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් හෝ 1906 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

එන්නත ලබාදෙන ස්ථාන හා දිනයන් පහතින් දැක්වේ.

*කොළඹ දිස්ත්‍රික්කය – යුද හමුදා රෝහල – නාරාහේන්පිට (අගෝස්තු 11, 12 හා13 යන දිනවල)

*ගම්පහ දිස්ත්‍රික්කය – දිස්ත්‍රික් මහ රෝහල – ගම්පහ (අගෝස්තු 12, 13 හා 14 යන දිනවල)

*කළුතර දිස්ත්‍රික්කය – දිස්ත්‍රික් මහ රෝහල – කළුතර (අගෝස්තු 12 වන දින)

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා