නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 25 කට චෝදනා 23270 ක් යටතේ නඩු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පරවා ඇත .

අධිචෝදනා 23,270 ක් යටතේ මෙසේ නඩු පවරා ඇති බවද වාර්තාවේ ..

2019 අප්‍රේල් 21 වැනිදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය, කොළඹ කිංස්බරි, සිනමන්ග්‍රෑන්ඩ්, ෂැංග්‍රිලා යන හෝටල් සහ දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල යන ස්ථානවලට සිදුවූ ප්‍රහාරවලට අදාලම මෙසේ නඩු පවරා ඇති අතර පාස්කු ප්‍රහාරය මහ මොළකරු බවට දැනට හඳුනාගෙන ඇති නවුෆර් මවුලවි, සාජිත් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගෆර් මාමා, මොහොමඩ් සහන්ඩීන්, මොහොමඩ් රිස්වාන් ඇතුළු පුද්ගලයන් 25 දෙනෙකු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර තිබේ.

මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් සේ සලකා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස නීතිපතිවරයා සංජය රාජරත්නම් මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා