යුරෝපයම රත්වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

යුරෝපයෙන් වාර්තා වන උෂ්ණත්වය දිනෙන් දින ඉහළ යමින් ඇති අතර මේ වනවිට යුරෝපාකරයේ රටවල් රැසක් මෙම අධික උණුසුමෙන් පීඩා විඳිමින් ඇත .

යුරෝපයෙන් මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩිම උෂ්ණත්වයේ වාර්තාව ද අළුත් වී ඇති අතර එම උෂ්ණත්වය මෙවර  ඉතාලියේ සිසිලි දූපතෙන්.වාර්තාවී ඇත

ඒ අනුව ඉකුත් දා සිසිලි දූපතෙන් වාර්තා වූ උෂ්ණත්වය සටහන් වී ඇත්තේ සෙල්සියස් අංශක 48.8 ක් ලෙසය. එය යුරෝපයේ උෂ්ණත්ව වාර්තා  අලුත් කරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත ..

මීට පෙර යුරෝපයෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය වාර්තා වි තිබුණේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරින් වන අතර . ඒ, 1977 වසරේදීය , එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක් ලෙස වාර්තාගතව ඇත ..

දේශගුණික විපර්යාස හා උෂ්ණත්වය ඉහළ යාම යුරෝපය ප්‍රමුඛව ලොව කලාපීය රටවල් රැසක් මේවනවිට මුහුණ පාන බරපතල අර්බුදයක් බවට පත්ව ඇත . මේවනවිටත්  එහි දැඩි ප්‍රතිවිපාක විඳිමින් සිටින්නේ ග්‍රීසියයි. ග්‍රීසියේ හටගත් ලැව්ගිනි මෙතක් පාලනයකින් තොරව ව්‍යාප්ත වෙමින් පවති . විදෙස් රටවල සහය ලැබී තිබුණත් එම ලැව්ගිනි පාලනයට ග්‍රීසිය මෙතෙක් සමත් වීනැත . ඉදිරියේදී මෙවැනි තත්ත්ව ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක මතුවිය හැකි බවට අනුමාන කෙරේ ..