නවතම පුවත්

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කාර්යාල කිහිපයක් වැසේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

කොවිඩ්- 19 වෛරස අවධානම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වසා දැමීමට තීරණය වී තිබේ.

එම කාර්යාලවල සේවකයින් කිහිප දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස ලබන සඳුදා (16) සිට එම කාර්යාල තාවකාලිකව වැසෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරයි.

මේ අතර දකුණු පළාතේ රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 16 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා තෙක් අත්හිටුවා තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දකුණු පළාතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඇති ආදායම් බලපත් නිකුත් කරන අංශ වසා දැමෙන බව නිවේදනය කර ඇත.

එම කාලය තුළ කල් ඉකුත් වන ආදායම් බලපත්වලට ලබන ඔක්තෝබර් 15 වැනිදා තෙක් දඩ මුදල් අයනොකෙරෙන බව ද නිවේදනයේ සඳහන් ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා