නවතම පුවත්

ගෑස් චෝදනාවට යෝෂිත උත්තර දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රට පුරා සති කිහිපයක සිට පවතින ගෑස් හිඟය ඇතිවීමට හේතුව තමන් විසින් ගෑස් වෙළඳපොළ ආක්‍රමණය කිරීමට කළ සැළසුමක් බවට ව්‍යාජ ලෙස කෙරෙන ප්‍රචාරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.

තමන්ට අයත් ගෑස් සමාගමක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

අදාළ පුවත් මවන්නන්ගේ අරමුණ වී ඇත්තේ මහජනතාව සහ ආණ්ඩුව අතර ඇති විශ්වාසය පළුදු කිරීම බවද ඔහු පෙන්වා දෙයි.

“යෝෂිතගෙන් ගෑස් සමාගමක් – ගෑස් අර්බුධයේ ඇඟ හිරිවැටෙන කතාව මෙන්න” වැනි ආකර්ශනීය සිරස්තල යොදමින් ජනතාව නැවත වරක් රත්තරන් අශ්වයන් සිටිනවා යැයි කියමින් රැවටූ ආකාරයටම නැවත රැවටීමේ උත්සාහයක කිසියම් පිරිසක් නිරත වන බව යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ පා තිබෙන ඇතැම් අර්බුධයන් ජය ගැනීම සඳහා සාමුහිකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා