නවතම පුවත්

ඉදිරි දෙසතිය අවදානම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


* කෑම ද ඔක්සිජන් ද? – තීරණය කරන්න

පැතුම් වික්‍රමරත්න

ආහාර නොමැතිව මේ රටේ මිනිසුන් මිය නොගියත් ඔක්සිජන් නොමැතිව මිය යා හැකි බවත්  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ  වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කර සිටී .

ඒ අනුව වඩාත්  අවශ්‍ය වන්නේ ආහාර ද? ඔක්සිජන් ද? යන්න මත ප්‍රතිපත්ති තීරණය කළ යුතු බවද වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ බලපෑම ඉදිරි දෙසතිය තුළ ඉතා ප්‍රබලවනු ඇති බව වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේය .

මෙහිදී  චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ,මෙවැන්නකි .

“මේ ඩෙල්ටා බලපෑම පටන්ගත්තා විතරයි. මේකේ දරුණු බව ඉදිරියට තමයි බලාපොරොත්තුවෙන්නේ. විශේෂයෙන් ඉදිරි සති දෙක තුන ඉතාමත්ම තීරණාත්මකයි. වුහාන් ප්‍රභේදයට වඩා දෙගුණයකින් මේක පැතිරෙනවා. තප්පර 5ක අපි මේ මාස්ක් එක ගැලෙව්වොත් ඒ කාලය ඇති අපි ආසාදිතයෙක් වෙන්න. මේ අවස්ථාවේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි මේකෙ පැතිරීම වළක්වන්න. අපිට හෙට දිනයේ තියෙන ප්‍රශ්නය තමයි කන්න නැතුව මැරෙනවා ද? ඔක්සිජන් නැතුව මැරෙනවා ද? කියන එක. කන්න නැතුව මැරෙන්නේ නෑ. මොකද කන්න තියෙන මිනිහෙක් අපිට ගෙනත් දෙයි. හැබැයි ඔක්සිජන් නැති වුණොත් අපිට ජීවත්වෙන්න බෑ. අලුතෙන්ම තීරණ අරගෙන ඉදිරියට යා යුතුයි.”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා